Samsung Galaxy Tab S7 /S7+
ඔන්න එහෙනම් Samsungලාගේ 2020 අලුත්ම Tablet එකත් ආවා. ඔයා Samsung Fan කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ වෙනකොට දන්නවා අලුතින් එන Tablet එක මොකද්ද කියලා ඉතින් දන්නේ නැත්නම් දැන ගන්න මේ Tablet එක තමයි Samsung Galaxy Tab S7 / S7+ කියලා කියන්නේ.
මේ Tab එක ඔයාට Samsung Galaxy Tab S7 සහ S7+ ලෙස වර්ග දෙකකින් මිලදී ගැනීමේ හැකියාව ඇත.
අපි මුලින්ම මේ Tab එකේ Specifications ගැන කතා කරමු.
Samsung Galaxy Tab S7 එකට 11'' LTPS LCD Display එකක්ද එම Display එකට DCI-P3 Color Range එකක්ද Low Blue Light Certification එකක්ද තියෙනවා. WQXGA 2560 x 1600 resolution එකකින් අපිට මේ Samsung Galaxy Tab S7 එක බලාගන්න පුලුවන්.
Samsung Galaxt Tab S7+ එකට 12.4'' Super Amoled , HDR10+ High Dynamic Range , NTSC Color Range සහ Eye Care Certification යන සියලුව Features ලබා දීලා තියෙනවා.
මේ Tabs දෙකේම Display Refresh rate එක 120Hz වේ.
මේ Tabs දෙකේම තියෙන ඊළඟ ප්රධානම දේ තමයි Processor එක ඉතින් මේ Tab දෙකේම බලා ගන්න පුලුවන් වෙන්නේ බුද්ධිමය හා බුද්ධිමත් ඉතා වේගවත් හා බලවත් Games සහ multitask පහසුවෙන් කල හැකි සුපිරි processor එකක් වන Qualcomm Snapdragon 865 Plus processor එකයි.
- Ram එක ගැන කියනකොට ඔයාට මේ Tabs දෙකේම 6GB සහ 8GB වලින් බලාගන්න පුලුවන්
- 128 , 256 සහ 512GB යන Storage සහිතයි
- 1TB දක්වා External Memory card එකක් දැමීමේ හැකියාවද ඇත
- Bluetooth 5 , GPS ,5G සහ Wifi6 පහසුකම්ද ඇත
- 45w super fast charging support කරයි
- Back Camera Setup එකේ main cam එක විදියට 13MP cam එකක්ද 5MP cam එකක්ද තියෙනවා
- Front Camera එක විදියට 8MP cam එකක් ඇත.
ඊළඟට Tab එකේ Battery එක ගැන කියනකොට Galaxy Tab S7 එකට 8000mAh Battery එකක්ද Galaxy Tab S7+ එකට 10090mAh Battery එකක්ද තියෙනවා.
වෙනවදා වගේම අලුත්ම අලුත් S Pen එකද අපිට මේ Tablets වල බලා ගන්න පුලුවන්.
Samsung Galaxy Tab S7 එක Colors තුනකින් මිලදී ගැනීමේ හැකියාව ඇත.
- Mystic Black
- Mystic Silver
- Mystic Bronze
Samsung Galaxy Tab S7+ එකද Colors තුනකින් මිලදී ගැනීමේ හැකියාව ඇත.
- Mystic Black
- Mystic Silver
- Mystic Bronze
Supiri
ReplyDelete