Samsung Galaxy Note 20 Phone එක release උනා

ඉතින් මුලින්ම කියන්න ඕන දේ තමා Samsung සමාගම විසින් 05/08/2020 දින අලුතින් Devices කීපයක් announce කලා. ඒ අතර ප්‍රදානම Devices දෙක තමා Samsung Galaxy Note 20 සහ Note 20 Ultra flagship Device දෙක.

ඒ අතර Samsung සමාගම විසින් announce කල අනිත් Devices මොනවද කියනවන්ම් Galaxy Watch 3 එක සහ Galaxy Buds Live කියන Devices තමයි තියෙන්නේ.

එහෙනම් දැන් Samsung Galaxy Note 20 / 20 Ultra Phones වල Perfomance ගැන කතා කරමු.
මුලින්ම Phone එකේ Display එක Samsungලා මේ වෙන කොට නිශ්පාදනය කරලා තියෙන Phones අතරින් විශාලම Screen එක සහිත(6.9")  Samsungලගේ DYNAMIC AMOLED 2X තාක්ෂණය සහිත ඇස් වලට හිතකර 120hz සහිත Smooth Display එකක් මේ Phone එකට තියෙනවා.ඒ වගේම Screen Resolution ගැන කතා කරන කොට Screen Resolution 3ක් 
HD+ (1544 x 720)
FHD+ (2316 x 1080)
WQHD+ (3088 x 1440)
බලා ගන්න පුලුවන් ඔයාලට කැමති එක Resolution එකකින් ඔයාට මේ Phone එක පාවිච්චි කරන්න පුලුවන්.
Gamingගැන කතා කරන්කොට මේ Phone එකේ තියෙන Performace නිසා ඔයාට දැනට ආපු ඕනම Mobile Game එකක් Ultra Graphic යටතේ Very Smoothly Play කරන්න පුලුවන්.
ඒ වගේම Battery එක ගැන කතා කරනකොට Note20 Phone එකට 4300mAh Battery එකක් සහ Note20 Ultra Phone එකට 4500mAh Battery එකක් තියෙනවා. මේ Phone එකට Super Fast Charging Support කරන අතර ඔයාට විනාඩි 30ක් ඇතුලත 50%ක් Battery එක Charge කර ගැනීමේ හැකියව ඇත. තව Fast Wireless Charging 2.0ද Wireless PowerShare පහසුකමද මේ Phone එකට ලබා දෙන්න samsung සමාගම අමතක කරලා නැහැ.

Phone එකේ Hardwares ගැන කියනකොට ප්‍රදානම දේ තමයි chipset එක ඉතින් මේ Phone  එකේ දැනට තියෙන හොදම powerful ම chipset එක වන Snapdragon 865+  කියන chipset එක තමයි තියෙන්නේ.

ඊළගට Phone එකේ තියෙන තවත් විශේෂතා ගැන කතා කරමු.

  • ඉතින් අපිට මේ Phone එකේ 12GB Ram එකක් බලා ගන්න පුලුවන්.
  • ඔයාගේ එදිනෙදා වැඩ පහසු කර ගැනීම සදහා Bixby personal voice assistant පහසු කමද බලාගන්න පුලුවන්.
  • ඔයාට ඔයාගේ Camera එක හරහා කිසියම් තොරතුරක් ඔයාගේ Phone එකට ලබා දීම සදහා Bixby Vision next-gen camera intelligence පහසුකමද තියෙනවා.
  • Audio ගැන කියනකොට AKG Stereo speackers සහ Dolby Atmos ඔබට වඩා හොද ශබ්ද අත්දැකීමක් ලබා දෙයි.
  • ඒ වගේම ඔයාට මේ Phone එකේ Hybrid Sim පහසුකමද ඇත. මොකද්ද මේ Hybrid Sim කියන්නේ Hybrid Sim කියන්නේ ඔයාට පුලුවන් Sim 2ක් හෝ Sim 1ක් සමග microSD card එකක් භාවිතා කරන්න.
  • eSIM පහසුකමද ඇත.
  • Face Unlock , Finger Unlock , PIN , Pattern or Password යොදා ඔබගේ දුරකතනයේ ආරක්ෂාව තහවුරු කර ගත හැක. 
  • මේ Phone එකේ තියෙන ඊලග වැදගත්ම කරුණ තමයි IP68 Water And Dust Resistance මිනිත්තු 30ක් පමන ඔබේ දුරකතනය මීටර් 1.5ක් පමණ ජලයෙන් ආරක්ෂා කර තබයි.

ඊලග ප්‍රදානම දේ Camera එක.

camera එක ගැන කතා කරනකොට මුලින්ම කතා කරන්න ඕන backcamera setup එක ගැන අපිට backcamera setup එක විදියට cameras 3 කින් යුත් camera setup එකක් ලැබිලා තියෙනවා.                    

මුලින්ම 12MP Ultra Wide Camra එකක්ද              දෙවනියට 108MP Wide-angel Camera එකක්ද       තුන්වෙනියට 12MP Telephoto Camera එකක්ද තියෙනවා

Selfie Camera එක විදියට 10MP Camera එකක් ලැබිලා තියෙනවා.

ඉතින් මේ Camera Setup එකෙන් අපිට 4K , 8K දක්වා Pro quality videos Photos ලබා ගැනීමේ හැකියාව ඇත.  ඒ වගේම 50x දක්මා zoom කිරීමේ හැකියාවද Super Slow motion video recorde කිරීමේ පහසුකම්ද ඇත.

ඉතින් ඔයාට මේ Samsung Galaxy Note20 දුරකතනය මිලදී ගන්නා විට Colours තුනකින් බලා ගන්න පුලුවන්.

 ‍                               Mystic BronZe

                                  Mystic Green

                                    Mystic Gray 

ඒ වගේම Samsung Galaxy Note 20Ultra Phone එක මිලදී ගන්න තියෙන්නේ Colours දෙකකින් විතරයි.

                                MyStic Bronze

                                 Mystic Black

Samsung Note Phones වල තියෙන ඊලග විශේෂම උපාංගය තමයි Samsung S Pen එක.

S Pen එක ගැන කතා කරන කොට මීට කලින් ආපු S Pen වගේම අතට පහසු Bluetooth Support කරන්න ඉතාමත් ලස්සන S Pen එකක් මේ පාර අපිට මේ Note20 Phones සමග ලබා ගන්න පුලුවන්.

ඔයාට Samsung Note20සහ Note20 Ultra Phone එකක් මිලදී ගන්නා විට Internal Storage එක 512GB වශයෙන්ද 256GB වශයෙන්ද මිලදී ගැනීමේ හැකියාව ඇත. ඒ වගේම මේ Phone එකට Wifi 6 Support කරන අතර 5G සහ 4G ලෙසද මිලදී ගැනීමේ හැකියාව ඇත.




  






 


Comments

Post a Comment

Popular posts from this blog

Fall Guys ලෝකයේ විනෝදාස්වාදය වැඩිම Game එක

Mobile ලෝකේ වෙනස් කරන අලුත්ම mobile Device එක Microsoft Surface Duo

Call of Duty Black OPS Coold War